Wednesday, 1 January 2020
පහසුකම් රැසක් සමඟින් ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය අප අතරට ඇවිත්
ආයුබෝවන් මගෙ යාලුවනේ.
Add පොයින්ට් • මගේ මේ ලිපියෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපිට අලුතින් මුණගැහුන Android 10 ගැන.
මේ වෙද්දිත් මගෙ යාලුවෝ මේ කතා කරන දේවල් දන්නව ඇති. ඒත් දන්නැති අයත් ඉන්න නිසා අපි මේ ගැන සරලම තැන ඉඳන් කතා කරමු.
ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්දතියෙ අලුත්ම සංස්කරණය පසුගිය සැප්තැම්බර් මාසෙ 3වෙනිදා මහජනයා වෙත නිකුත් කලා.
ඇන්ඩ්‍රොයිඩ් සමාගම මීට කලින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති නිකුත් කරද්දි ඒව නම් කලේ විවිධ අතුරුපසවල ඉංග්‍රීසි නම් වලින්. ( ඉංග්‍රීසි හෝඩියේ අකාරාදි පිළිවෙලට අනුව )
මීට කලින් තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියෙ නව (9) වැනි සංස්කරණය Android 9.0 pie ලෙස නම් කොට තිබුනේ ඒ අනුවයි.
මෙහි pie යනු : පිටිවලින් තනා පළතුරු ඇතුල් කර වසා උඳුනක පුළුස්සා ගනු ලබන කවාකාර හැඩයක අතුරුපස වර්ගයකි.
එහෙත් මෙම නාමකරණ ක්‍රමය අත්හරිමින් මෙවර නිකුත් කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ දස (10) වැනි සංස්කරණය , ඇන්ඩ්‍රොයිඩ් 10 වශයෙන් නම් කරල තියෙන්නෙ.ඒ සමඟම මෙතෙක් තිබූ ඇන්ඩ්‍රොයිඩ් ලාංජනයද වෙනස් කරල. මෙම මෙහෙයුම් පද්දතිය ස්මාර්ට් ෆෝන් වලදී මෙන්ම ටැබ්ලට් පරිගණක වලදීත් එක සේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ඇන්ඩ්‍රොයිඩ් නවාංග :-
නව මුහුණුවරකින් යුක්තව ඉදිරිපත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් 10 , ( එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් Q ) මෙහෙයුම් පද්දතිය සකසා තිබෙන්නේ Android 9.0 pie සංස්කරණයට නවාංග රැසක් එක් කරලීමෙනි. අපි බලමු මොනවද ඒ නවාංග කියල.
01. ගෙස්චර් නැවිගේෂන් ( Gesture Navigation )
කලින් තිබුන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වලදී එහි ස්ක්රීනයේ පහලින් තිබූ බැක් ( Back) හෝම් ( Home) සහ රීසන්ට් ( Recent ) යන ටාස්ක් ස්විචින් බට්න් වෙනුවට ග්රෙස්චර් නැවිගේෂන් නමින් අලුත් යෙදුමක් හඳුන්වා දී තිබෙයි. මෙහිදී බොත්තම් සියල්ල වෙනුවට සුදු පැහැති තීරුවක් එක් කර තිබේ.
• ඇඟිල්ලෙන් අභින හෙවත් ගෙස්චර්ස් පෙන්වා ඉහළට - පහළට , වමට - දකුණට එය ක්‍රියාත්මක කළ හැකිය. පහළ සිට ඇඟිල්ල ඉහළට තල්ලු කළ ( Swipe ) විට හෝම් හෝ ඕවර්වීව් ස්ක්‍රීනය ලැබෙයි. හෝම් ස්ක්රීනයේ පහළ සිට ඉහළට තල්ලු කළ විට ඇප් සියල්ල පෙන්වන ඇප් ඩ්‍රෝවරය ( App Drawer ) වෙත යොමු වෙයි.
• ඇප් අතර ගමන් කළ යුත්තේ නම් පහළ සිට ස්ක්‍රීනය ඔස්සේ හරහට ඇඟිල්ල තල්ලු කළ යුතුය. කුමන තැනක සිට හෝ පසුපසට ඇඟිල්ල ගෙන ගියහොත් ආපස්සට ( Back ) යයි.
•|පහළ කෙළවරේ සිට විකර්ණාකාරව ඇඟිල්ල තල්ලු කළොත් ගූගල් ඇසිස්ටන්ට් කෘතීම බුද්ධි වැඩසටහනට යොමු වෙයි. එවිට කටහඬින් විධාන දීමෙන් ස්මාර්ට් ෆෝන් එක ක්‍රියාත්මක කරන්නට පුළුවන්.
• ගෙස්චර් නැවිගේෂන් ( Gesture Navigation ) බාර් එක ක්‍රියාත්මකව ඇති විට ස්ක්රීනයේ ඉහළ සිට පහළට ඇඟිල්ල ගෙන ගියහොත්, ක්වික් සෙටිංස් සහ නොටිෆිකේෂන් යන යෙදුම් විවෘත වේ.
මෙසේ ගෙස්චර් නැවිගේෂන් භාවිතා කිරීමට තරමක් හුරු විය යුතුය. එයට අකමැති නම් සහ හුරුවිය නොහැකියි නම් කලින් තිබූ ක්‍රමයට අනුව බොත්තම් මතුකරගන්නට පුළුවන්.
කොහොමද එහෙම කරගන්නෙ කියලද හිතුවෙ.
ඒක කරගන්න විදිය මම කියල දෙන්නම්.
01. Settings (Do open)
02. System Gestures (Do open)
03. 3- Button Navigation
මෙම ක්‍රමය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අලුත් යෙදුමක් වුවත් එය දැනටමත් අයිෆෝන් වල භාවිතා කෙරෙන්නක්.
02. ප්‍රොජෙක්ට් මේන් ලයින් ( Project Mainline )
කලින්ට වඩා වේගයෙන් ඇන්ඩ්‍රොයිඩ් සෙකියුරිටි අප්ඩේට් හෙවත් පද්ධති ආරක්ෂාවට සම්බන්ධ මෘදුකාංග අලුත් කිරීම ලබා ගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ආරක්ෂාව සම්බන්ධ යෙදුම් මෙන්ම භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු අවභාවිතා කිරීම වැළැක්වීමට අවශ්‍ය අලුත් මෘදුකාංග සැකසුම් ( Security and privacy fixes ) නිකුත් කළ සැණින්ම ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ලබා ගැනීමට පුළුවන්. එනම් , අනෙක් විවිධ ඇප්ස් වල අලුත් කිරීම් සියල්ල ( Apps Update ) , ලබා ගන්නා ආකාරයටම සමාන ක්රමයකි. මෙම යෙදුමට සම්බන්ධ සියලුම වැඩ එකලස් කරමින් ප්‍රොජෙක්ට් මේන් ලයින් ( Project Mainline ) හඳුන්වා දී තිබේ.
03. ෆෝකස් මෝඩ් ( Focus Mode )
ස්මාර්ට් ෆෝන් එකේ දැනටමත් විවෘත වී ඇති ඇප්ස් අතරින් මේ මොහොතේ වැඩ කරගෙන යන්නට අවශ්‍ය නැති ඇප්ස් සියල්ලම එකවර අක්‍රිය කර තබනු පිණිස ඇති අලුත්ම යෙදුම ෆෝකස් මෝඩ් ය. ෆෝකස් මෝඩ් වෙත පිවිසි විට , දැනට දැනට වැඩ කරන ඇප් එක හැර අන් සියල්ල අලු පැහැ ගැන්වී , ඒවා අක්‍රීය බව පෙන්වා , පසුබිමින් තාවකාලිකව වසා දමා තිබේ. ඒ බව දන්වා දැන්වීම් එවන්නේවත් , වෙන කිසිම බාදාවක් කරන්නේවත් නැත. මෙම අනවශ්‍ය ඇප් සම්පූර්ණයෙන්ම වසා දැමීමට අවශ්‍ය නම් ෆෝකස් මෝඩ් වෙත පිවිස.
( ෆෝකස් මෝඩ් වෙත පිවිසෙන ආකාරය පහළින් පෙන්වා ඇත)
01. Settings
02. Digital Wellbeing
03. Parantal Control
04. Ways to Disconnect
05. Focus Mode
එහි ඇති චෙක් ලිස්ට් බොක්ස් භාවිතා කළ යුතුය.
04. පර්මිෂන්ස් ඇන්ඩ් ප්‍රිවසි ( Permissions and Privacy )
පුද්ගලිකත්වය අදාලවෙන සැළසුම් කිරීම පිණිස කලින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ වලදීත් යොදා ගෙන තිබූ යෙදුම් ( Privacy Features ) අලුත් ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේදී තවත් දියුණු කර තිබේ.
• යම් උපාංගයක තාක්ෂණික හඳුනාගැනීම් ( Device Identifiers ) මඟහැර යමින් කිසිම ඇප් එකකට පිවිසෙන්නට ඉඩ නොදෙයි. එනම්, ස්මාර්ට් ෆෝනයේ ඉන්ස්ටොල් කර ඇති ඇප් එකක් වෙත පිවිසෙන්නට හැකර්කරුවෙක්ට හෝ වෙනත් තොරතුරු සොයන වැඩසටහනකට හෝ බාදා ගෙන දෙයි.
• කිසිම ඇප් එකකට , ස්මාර්ට් ෆෝනය භාවිතා කරන්නාට නොදැනී පසුබිමින් ක්‍රියාත්මක වීමට ඉඩ නොඳෙයි. එනිසා යම් ඇප් එකක් ඔස්සේ විත්, ස්මාර්ට් ෆෝනය භාවිත කරන්නාගේ ක්‍රියාකාරකම් එසේම දැනගැනීමට සකසා , ඇප් තුළ සඟවා ඇති වැඩසටහන් වලට ක්‍රියාත්මක විය නොහැකි වෙයි.
• වයි - ෆයි ජාලයකදී ස්මාර්ට් ෆෝනය ක්‍රියාත්මක වන විට, ස්මාර්ට් ෆෝනය හා සම්බන්ධ තොරතුරු වයි - ෆයි ජාලය ඔස්සේ දැනගැනීමට කිසිවෙක්ට ඉඩ නොතබයි. වයි - ෆයි ජාලයෙන් , ස්මාර්ට් ෆෝනයේ පිහිටීම පිළිබඳ තොරතුරු ( Location Data ) ඉල්ලා සිටියත් , ඒ බව භාවිතා කරන්නාට දන්වා අවසරය ( Location Permission ) ඉල්ලා සිටියි.
• ඇප් එකක ක්‍රියාකාරිත්වය සීමා කිරීමට අලුත් යෙදුමක් ( Scoped Storage ) ඇන්ඩ්‍රොයිඩ් 10 හීදී හඳුන්වා දී තිබේ. එහිදී ඇප් එකේ ක්‍රියාකාරිත්වය පිණිස ස්මාර්ට් ෆෝනයේ මතක ඉඩ ( Storage ) වෙත සම්පූර්ණයෙන්ම පිවිසිය නොහැකිය. එහි යම් කොටසක් පමනක් ලබාදෙයි. එනිසා ස්මාර්ට් ෆෝනයේ තොරතුරු වෙත නිඳහසේ ඇතුල්වීමට ඇප් එකකට ඉඩ නොඳෙයි.
• අලුතින් හඳුන්වා දී ඇති ප්‍රිවසි සෙටිංස් මෙනුව යටතේ පුද්ගලික ආරක්ෂාවට සම්බන්ධ සියළුම තොරතුරු එකම තැනකදී පාලනය කළ හැකිය. එහිදී ස්මාර්ට් ෆෝනයේ පිහිටීම පිළිබඳ තොරතුරුවල පටන් වෙබ් අඩවි වෙත පිවිස කරල වැඩ දක්වා දේවලදී, ඇප් තුළ හෝ ස්මාර්ට් ෆෝනයේ හෝ රැස් කෙරෙන තොරතුරු මොනවාද කියා දැනගත හැකිය. එසේම ඒවා සියල්ල පාලනය කළ හැකිය.
05. ඩාර්ක් තීම් ( Dark Theme )
ස්මාර්ට් ෆෝනයේ පෙන්වන සෑම ස්ක්රීනයකම එනම් ඇප්ස් , කැලැන්ඩර් , ෆොටෝස් යනාදී කුමන ස්ක්රීනයක වුවත් 🔦 ආලෝකමත් කොටස් වෙනුවට එය අඳුරු කොට පෙන්වන තීම් එක , ඩාර්ක් තීම්ය. මෙය වෙත පිවිසි විට
(පිවිසෙන ආකාරය පහලින් පෙන්වා දී ඇත)
01. Settings
02. Display
03. Dark Theme
එක් අතකින් 🔋 බැටරි බලය ඉතිරි වෙනව වගේම අඳුරු තැනකදී ස්මාර්ට් ෆෝනය භාවිතා කරන විට එහි විස්තර පැහැදිලිව දැකබලා ගත හැකියි.
06. ෆැමිලි ලිංක් ( Family Link )
ස්මාර්ට් ෆෝන් භාවිතා කරන තවත් අය තම ස්මාර්ට් ෆෝනය සමඟ සම්බන්ධ කරගෙන ඒ අයගේ ක්‍රියාකාරිත්වය දැනගන්නට මින් ඉඩ සළසා දෙයි. දෙමාපියන්ට තම දරුවන්ගේ වෙබ් ක්‍රියාකාරකම් දැනගන්න වගේම ඒ අය යන , එන , ඉන්නා තැන් සිතියමකින් බලගැනීමටද ඉඩ සලසා දෙයි.එසේම දරුවන් භාවිතා කරන ස්මාර්ට් ෆෝන, ඒ අයට භාවිතා කළ හැකි කාල සීමාව සකසා දෙනු පිණිස භාවිතා කළ හැකි ඇප්ස් තෝරා දෙන්නට ( Manage Apps ) මෙන්ම විමසා බැලිය හැකි තොරතුරු සීමා කිරීමටත් ( Content Restrictions ) ෆැමිලි ලිංක් යෙදුම භාවිතා කරන්නට පුළුවන.
06. ස්මාර්ට් රිප්ලයි ( Smart Reply )
යම් පණිවුඩයක් ස්මාර්ට් ෆෝනයට ලැබුනු විට එයට පිළිතුරු යැවිය හැකි ආකාර කීපයක් යෝජනා කරන , දියුණු කළ යෙදුමක් ඇන්ඩ්‍රොයිඩ් 10 හි තිබේ. යම් කෙනෙක් ප්‍රදර්ශනයකට යන්නට යෝජනා කළේයැයි සිතමු.
එවිට ඒ සමඟ කල හැකි තවත් වැඩ , යා හැකි ආපන ශාලා ,වෙනත් එවැනි ප්‍රදර්ශන ඇති තැන් , යා හැකි කෙටිම ගමන් මාර්ක යනාදිය ගූගල් සිතියමද සමඟ සම්බන්ධ කර පෙන්වයි. පණිවිඩය පිළිතුරු ලෙස ඉන් කැමති දේ තෝරා දන්වන්නට පුළුවන. මෙය ස්මාර්ට් රිප්ලයි ගුණාංගය ලෙස හඳුන්වා තිබේ.
07. සවුන්ඩ් ඇම්ප්ලිෆයර් ( Sound Amplifier )
ඝෝසාව සහිත තැනක සිටියදී ස්මාර්ට් ෆෝනයෙන් කතාබහ කරන්නට ඇති වෙන බාධාව මගහරවන්නට භාවිත කළ හැකි යෙදුම් ගණනාවක් සවුන්ඩ් ඇම්ප්ලිෆයර් යෙදුමෙන් ඉදිරිපත් කර තිබේ. පසුබිමේ ඝෝෂාව පෙරා හැරීම මෙන්ම ඇසෙන හඬ තීව්ර කිරීමේ පහසුකම මෙහි තිබේ. එසේම දේශනාගාරයක , අවන්හලක හෝ අන් අය කතාබහ කරමින් සිටින විටදි වුවත් , හෙඩ්ෆෝනය සම්බන්ධ කර , හඬ පැහැදිලිව ඇසිය හැකි සේ ගුණාංග දියුණු කර තිබේ.
08. ලයිව් කැප්ෂන් ( Live Caption )
බිහිරි හෝ ඇසීම අඩු අයට හෝ ඉතා ඝෝෂාකාරී තැනක සිටින විට හෝ ස්මාර්ට් ෆෝනයේදී ක්‍රියාත්මක කරන වීඩියෝ වල කතා කරන දේ උපසිරැසි වශයෙන් එවෙලේම පෙන්වන නවාංගය ලයිව් කැප්ෂන්ය. මෙසේ ලයිව් කැප්ෂන් ලබා ගැනීම පිණිස ස්මාර්ට් ෆෝනයට අන්තර්ජාල සම්බන්ධතාවය හෝ අඩුම තරමින් දුරකථන සම්බන්ධතාවයක් හෝ අවශ්‍ය නැත.
ඇන්ඩ්‍රොයිඩ් 10 ඉන්ස්ටෝල් කර ගැනීම
ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය ආරක්ෂාකාරීව ඉන්ස්ටෝල් කර ගනු පිණිස එහි යාවත්කාල කිරීමේ දැන්වීම හෙවත් අප්ඩේට් නොටිෆිකේෂන් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ලැබෙන තෙක් සිටිය යුතුය.
මූලික වටයේදී ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේ අප්ඩේට් එක ලැබෙන්නේ ගූගල් නෙක්සස් ( Google nexus ) සහ පික්සෙල් ( Google Pixel ) දුරකථනවලටය. එයට හේතුව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මූලික ලක්ෂණ පමණක් එම දුරකථන වල තිබීමය. සැම්සන්ග් ( Samsung ) , එච්ටීසී ( HTC ) , හුවාවි ( Huawei ) , සෝනි ( Sony ) වැනි ඇන්ඩ්‍රොයිඩ් උපාංගවලට ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේ අප්ඩේට් එක ලැබෙන්නේ ඉන් අනතුරුව දෙවනි වටයේදීය. ඒවායේත් අලුත් මාදිලි සඳහා ඉක්මනින්ම ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක ලැබෙයි. පැරණි දුරකථන සඳහා අප්ඩේට් එක ලැබෙන්නේ ඉන් අනතුරුවය. එම දුරකථන මාදිලි නිෂ්පාදකයින් විසින් අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔවුන්ගේ දුරකථන මාදිලිවලට ගැළපෙන සේ සංවර්ධනය කර ගත යුතු බැවිනි. මෙසේ තම දුරකථන මාදිලියට ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය නිකුත් කොට ඇත්නම්ද, එය අප්ඩේට් නොවුණේ නම්ද, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ
System >>> Advanced >>> System Update
ඔස්සේ ගොස් එය අප්ඩේට් කර ගත හැකිය.
මෙම ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය ගැන තවත් යමක්
ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය , ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන පාදක කොටගෙන නිර්මාණය කළ එකකි. එක්ස් එම් එල් (XML) , is ( C) , ජාවා ( Java ) සහ C++ යන ක්‍රමලේක භාෂා ඇසුරෙන් ඇන්ඩ්‍රොයිඩ් ගති ලක්ෂණ නිමවා තිබේ.
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කේත පේළි එක්කෝටි විසි ලක්ෂයක් පමණ තිබේ.
එහි XML කේත පේළි 30 ලක්ෂයකි. C කේත පේළි 28 ලක්ෂයකි. Java කේත පේළි 21 ලක්ෂයකි. C++ කේත පේළි ලක්ෂ 17.5 කි.
මේ සියල්ලෙන් සැදි ඇන්ඩ්‍රොයිඩ් ප්‍රධාන කේත පද්ධතිය හෙවත් කර්නලය , ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් ( AOSP - Android open source project ) ලෙස ( source.android.com ) හඳුන්වයි. මේ සමඟ ගූගල් සමාගම විසින් දියුණු කරන ලද , එම සමාගමට අයත් තවත් කේත සටහනක්ද ( GMS - Google Mobile Services ) එක් කොට දැන් තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිමවා තිබේ.
මේ සියල්ල සමඟින් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදිය හැක්කේ ඕපන් සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසය. එනම් එය කාටත් නොමිලේ ගෙන , තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට ගෙන භාවිතා කළ හැක්කකි. එහෙත් එය දරදඬු පිළිවෙළකට කළ නොහැකිය. නීති රීති රාමුවකට යටත්ව කළ යුත්තකි. එනම් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියට නියාමකයෙක් සිටී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නියාමකයා , ඇන්ඩ්‍රොයිඩ් උපාංග තනන තාක්ෂණික සමාගම් 84 ක දායකත්වයෙන් ක්‍රියාත්මක වෙන ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් ( open handsetalliance.com නම් ආයතනයකි.
මම අසංක කුමාර බස්නායක
Add පොයින්ට් • SriLanka
Subscribe to:
Posts (Atom)